ඉන්දුනිසීයාවේ සුම්බාවා දූපත් ආශ්රිතව ප්රබල භූ කම්පනයක් සිදු ව තිබෙනවා.
භූ කම්පනය රිච්ටර් පරිමාණ ඒකක 6.4 ලෙස සටහන් වී ඇති අතර කිලෝමීටර් 31ක් ගැඹුරත්වයනේ සිදූවී ඇති බවද සඳහන් වේ.
මේ සමඟින්ම ආසන්නයේ රිච්ටර් පරිමාණ ඒකක 5.2 භූ කම්පනයක්ද සිදුව ඇති බව එරට ආපදා අංශය ප්රකාශ කරයි.
ඉන්දුනිසීයාවේ සුම්බාවා දූපතේ රබා නගරයටයි මින් බලපෑම් එල්ල වුණේ.
භූ කම්පන හේතුවෙන් මෙතෙක් කිසිදු දේපළ හෝ ජිවිත හානියක් වාර්තා වී නැහැ.