Business is booming.

ඉන්දියන් ගුවන් නියමුවාට නිදහස

0 269

පාකිස්ථාන අත්අඩංගුවේ සිටි ඉන්දිය ගුවන් නියමු අභිනන්දන් වර්හමානන් නිදහස් කර තිබේ.

ඔහු දේශසීමාවේදී ඉන්දිය ආරක්ෂක අංශ වෙත භාරදුන් බව විදෙස් වාර්තා ප‍්‍රකාශ කරයි.

මෙලෙස නිදහස් කරන ලද ගුවන් නියමුවා පිළිගැනීම වෙනුවෙන් දේශසීමාවේ විශේෂ උත්සවයක් ද පැවැත්වු බව වාර්තා වේ. 

එමෙන්ම ඉන්දියාවේ ප‍්‍රධාන නගර ආශි‍්‍රතව ද ඔහුට සුභ පතමින් උත්සව රාශියක් පැවති බවයි ඉන්දිය වාර්තා ප‍්‍රකාශ කරයි.

අභිනන්දන් යනු ධෛර්ය සම්පන්න ඉන්දියානුවෙක් බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දිය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින්ද ප්‍රකාශයක් සිදු කොට ඇත.

 නිදහස ලද ගුවන් නියමු අභිනන්දන් වර්හමානන් මේ වන විට වෛද්‍ය පරීක්ෂණ සදහා යොමුකර තිබේ.

Comments
Loading...