ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ දකුණු දිග ප්‍රදේශයට ටොනාඩෝ සුලිකුණාටු තත්ත්වයක්.
සුලි කුණාටු තත්වය හේතුවෙන් විශාල පිරිසක් අතුරුදන්ව තිබෙනවා.
ඒ හේතුවෙන් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති අතර අතුරුදන් වූ විශාල පිරිසක් සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මකය.
පුද්ගලයින් සෙවීම වෙනුවෙන් ඩ්‍රෝන යානා සහ සුනඛයින් යොදා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම කුනාටු තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ තවත් පිරිසක් රෝහල් ගත කර ඇති බවත් නිවාස සහ දේපල රැසක් කුනාටුවෙන් විනාශ වී තිබෙන බවද එරට ප්‍රාන්ත බලධාරීන් මාධ්‍ය වෙත වාර්තා කරයි.