2019.02.14 වන දින ආදරවන්තයන්ගේ දිනයේදී රටවටා නිව්ස්, රටවටා නිව්ස් පුවත්පත් හිමි රටවටා පබ්ලිකේෂන් ආයතනය මෙවර ආදරවන්තයින්ගේ දිනය වෙනස් ආකාරයකට බෙදා ගත් ආකාරය දැකගත හැකි විය.
ආදරය යනු හුදෙක් දෙදෙනෙකු මත පමණක් ඇති වන්නක් නොවේ. සතා සිව්පාවාගේ සිට බාල මහලු වැඩිහිටි සියල්ලටම එක හා සමානව ආදරය විදිය හැකිය.
මෙවර සෙංකඩගල පුරවරයට පැමිණි ආදරය පිර හදවත් මහනුව වැඩිහිට නිවාසයකදී ආදරය ඔවුන් සමඟ හුවමාරු කරගත්තේ දුක සැප බෙදා ගනිමින් ආදරනීය වූ සන්ධ්‍යාවක් ගත කරමිනි.
එහිදී,
ශශිකා උදයානි විජේරත්න මහත්මිය ( උපදේශන සම්බන්ධීකාරක – දිස්ත්‍රික් ලේකම් කාර්යාලය – මහනුවර)
සෙලානි අබේකෝන් මෙනවිය (උපදේශන නිළධාරී – ප්‍රාදේශීය ලේකම් කාර්යාලය – හාරිස්පත්තුව)
නිලූකා දේශනායක මහත්මිය (උපදේශන නිළධාරී – ප්‍රාදේශීය ලේකම් කාර්යාලය – හගුරන්කෙත) යන නිළධාරිනියන් විසින් වැඩසටහන මෙහෙයවූ අතර ඔවුන් හා බැදෙමින් ගත කල කාලය රටවටා පවුලට සොදුරු මතකයක් ලෙස සැමදා රැදෙනු ඇති බව සඳහන් කළ යුතුය.