ගාලු පාරේ අලුත්ගම, කලුවාමෝදර ප්රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ.
ලොරියක් රියැදුරාට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ගොස් යතුරුපැදියක හා පාපැදියක ගැටී අද (30) අලුයම අනතුර සිදුවී ඇති බව පොලීසිය ප්රකාශ කරයි.
මිය ගොස් ඇත්තේ කළුවාමෝදර සීලානන්ද පාර ප්රදේශයේ පදිංචි 60 හැවිරිදි හා 40 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ