ඉන්දියාවේ ජීවතුන් අතර සිටි වයස්ගතම හීලෑ අලියා මිය ගොස් ඇති බව ඉන්දීය පුවත් වාර්තා පවසනවා.
88 හැවිරිදි ” දක්ෂයානි” කේරළයේ චෙන්ගලූර් මහාදේව කෝවිලේ පූජණීය චාරිත්‍ර වල නිරත වෙමින් ජීවත් වූ අතර “අලි අත්තම්මා” ලෙස හැඳින්වූවා.
ඇය මියයාමට දින කිහිපයකට පෙර ආහාර ගැනීම නතර කළ බව පශු වෛද්‍යවරයා මාධ්‍ය වෙත පවසා තිබෙනවා.
මෑත වසර කිහිපය තුළ අන්නාසි හා කැරට් ඇයගේ ආහාරය වූ බවත් වසර කිහිපයක් තිස්සේ ඇය කිසිදු පොදු කටයුත්තකට සහභාගි නොවූ බවත් වාර්තා වනවා.