අයිස් මත්ද්‍රව්‍යය සන්තකයේ තබාගත් තරුණයන් දෙදෙනෙක් ඊයේ (03) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව මස්කෙලිය පොලිසිය පවසයි.
අයිස් මත්ද්‍රව්‍යය සන්තකයේ තබාගෙන සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත සැකකාර තරුණයන් දෙදෙනා මස්කෙලිය නගරයේදි සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍යය මිලිග්රුම් 145 ක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරු 25 ත් 30 අතර වයස් කාණ්ඩවල පසුවන අතර මස්කෙලිය ප්‍රදේශයේම පදිංචිකරුවන් බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.