අමෙරිකාවේ මෙක්සිකෝ දේශසීමා පවුර ඉදිකිරීම සඳහා අවශ්‍ය ඩොලර් බිලියන 7.5 ක අරමුදල් සම්පාදනය කරගැනීම වෙනුවෙන් හදිසි තත්වයක් ප්‍රකාශ කරයි.
ධවල මන්දිරයේ රෝස උද්‍යානයේදී මාධ්‍ය අමතමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව නිල වශයෙන් නිවේදනය කළේ ය.
එහිදී ඔහු සඳහන් කළේ, මත්ද්‍රව්‍ය සහ මිනිස් ජාවාරම්කරුවන් ඇතුළු විවිධ ගණයේ අපරාධකරුවන් සිය රට ආක්‍රමණය කර ඇති බවත් එම තත්වය වැළැක්වීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගැනීම අත්‍යවශ්‍ය බවයි.
නමුත් ජනපති ට්‍රම්ප් ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඩිමොක්රටික් පක්ෂය ප්‍රකාශ කරයි.
එහෙත් ආණ්ඩු බලය හිමි රිපබ්ලිකන් පාක්ෂිකයින් ප්‍රකාශ කරන්නේ ඕනෑම තත්ත්වයකට මුහුණදීමේ සූදානමින් අමෙරිකානු ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇති බවය.