නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ට අයත් විෂයයන් සහ කාර්යයන් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ(28) නිකුත් කරතිබෙනවා.
අදාළ ගැසට් නිවේදනයට අනුව පොලිස් දෙපාර්තමේන්තුව සහ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යවරයා යටතට ගෙන තිබෙනවා.
එසේම දැඩි ලෙස කතා බහට ලක්වූ රාජ්‍ය මාධ්‍ය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා යටතට පත් කර තිබෙන අතර ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්තාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යධුරය දරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතට ජාතික තරුණ සේවා සභාව, පුනරුත්තාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ආදිය පත් කර තිබෙනවා.
අදාළ විෂය පථයන් සහ කාර්යයන් ඇතුළත් සම්පූර්ණ විස්තරය පහතින් නරඹන්න.
[embeddoc url=”http://www.ratawatanews.lk/wp-content/uploads/2018/12/2103-33_S.pdf” download=”none”]
[embeddoc url=”http://www.ratawatanews.lk/wp-content/uploads/2018/12/2103-34_S.pdf”]