අන්තවාදීන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා [Video]
බුදු දහමට මුල් තැන ලබාදෙන බවත් පවසයි හේරත් ඒකනායක - මහනුවර
පූජනීය ස්ථානවලට හානි කරන අන්තවාදී පිරිස් සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කරන්නැයි තමා පොලිසියට උපදෙස් ලබාදුන් බව අ වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
පසුගියදා මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවහන්සේ කිහිපනමකට හානි කළ බව කියන සිද්ධියට සම්බන්ධ අන්තවාදී කණ්ඩායමේ බොහෝ දෙනකු මේ වන විටත් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඒ අයට කිසිදු සහනයක් ලබා නොදෙන ලෙස තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දුන් බවද අගමැතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.