Business is booming.

අනවසරෙන් මැණික් ගැරිමේ ජාවාරමක් ක්‍රියාත්මකයි

හැටන් - රංජිත් රාජපක්ෂ

0 121

බගවන්තලාවේ සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ස්භාවික ගල් යට හාරා එහි තුල වු මැණික් ඉල්ලම් ගොඩගෙන අනවසර මැණික් ගැරිමේ ජාවාරමක් සිදු කරන බව ප්‍රදේශවාසින් පවසයි.

මැණික් ජාවාරම්කරුවන් විසින් වේල්ලට පහලින් කෙසෙල්ගමුඔයේ ජලය ගලා නොබසින නිසා එහි ගල් යට තිබෙන මැණික් ඉල්ලම් ගොඩ ගෙන මෙම අනවසර මැණික් ගැරිමේ ජාවාරම ජයටම සිදු කරන බවයි ප්‍රදේශවාසින් පවසයි.

එම අනවසර මැණික් ගැරිම සිදු කල ඇතැම් ස්ථානවල ගල් යට විශාල උමංද හාරා ඇති බව දැකගත හැකිය.

Comments
Loading...