අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
මේ වන විට ප්‍රතිඵල ලේඛන සකස් කිරීම අවසන් අදියරේ පවතින බව විභාග කොමසාරිස් තුමා සඳහන් කරයි.
පසුගිය දෙසැම්බර් මස 03 වන දා විභාග මධ්‍යස්ථාන 4661කදී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්විණි.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අයැදුම්කරුවන් සංඛ්‍යාව 656,641කි.