මස්කෙළිය නගරයේ අතුරුදන්ව සිටි තරුණයාගේ මළ සිරුර නාවික හමුදාවේ කිමිඳුම් කරුවන් විසින් අද (21) උදෑසණ 08.00 ට පමණ මාවුස්සාකැලේ ජලාශයේ තිබී සොයා ගනු ලැබීය.
මෙසේ අතුරුදන්ව ඇත්තේ, මස්කෙළිය නගරයේ පදිංචිව සිටි පැතුම් මධුසංක ලියනගේ නැමති තිස් හැවිරිදි අවිවාහක තරුණයෙකි.
මෙම තරුණයා ඉකුත් (19) දා ඔහු පදිංචි මස්කෙළිය නගරයේ නිවසේ රාත්රී සිටියදී ඔහුගේ ජංගම දුරකථනයට ලැබුණ දුරකතන ඇමතුමකට නිවසින් පිටව ගිය බවත්, නැවත නිවසට නොපැමිණි බවත් නිවැසියන් ප්රකාශ කරයි.
මොහුගේ සිරුර මාවුස්සාකැලේ ජලාශයේ ඇති බවට සැක පහළ වීමත් සමග නාවුක හමුදාවේ කිමිඳුම්කරුවන් යොදා සෝදිසි කිරීම් ආරම්භ කළ බව මස්කෙළිය පොලිස්ථානාධිපතිතුමන් විසින් පැවසීය.
මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්රාත් පරීක්ෂණය අද (21) දහවල් පැවැත්වීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.