Business is booming.

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට පහරදීම සම්බන්ධයෙන් පරීක්ෂණ

0 126

2018 නොවැම්බර් 22 අගුණකොලපැලැස්ස බන්ධනාගාරය තුළ සිදුවූ ගැටුම පිළිබඳ පරීක්ෂණ කටයුතු සඳහා දෙවන පරීක්ෂණ කමිටුවක් පත් කරයි.

මේ පිළිබඳ ඊයේ දින (17) පැවති මාධ්‍ය හමුවකදී තලතා අතුකෝරාල මහත්මිය විසින් ප්‍රකාශ කරනු ලැබීය.

එහිදී එතුමිය විසින් මෙම අවස්ථාවට මුහුණ පෑමට සිදුවූ සියලු රැදවියන්ට හා ඔවුන්ගේ පවුලේ ඥාතීන්ගෙන් රජය වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කර සිටියා.

තව දුරටත් මේ පිළිබඳ අදහස් දක්වමින් මේ පහරදීමට සම්බන්ධ නිලධාරීන් කවුද කියලා බලලා තරාතිරම නොබලා අවශ්‍ය ක්‍රියාමාර්ග ලබා ගන්නා බවත් අදාල පහරදීම රජයක් ලෙස හෙලා දකින බවත් අවශ්‍ය වුණොත් බන්ධනාගාර පද්ධතියේ තත්වය ඉහළ දමන්න බන්ධනාගාර තුළ සිටින උසස් නිලධාරීන් වුණත් වෙනස් කර මේවා පාලනය කරන්න කටයුතු කරන බවත් එතුමිය ප්‍රකාශ කරයි.

Comments
Loading...