මේ වන විට ඇදහැලෙමින් පවතින වර්ෂාවත් සමග පිගා ඔයේ ජල මට්ටම ඉහළ යෑමෙන් අකුරණ නගරය අඩි තුනක් පමණ ජලයෙන් යටවී ගොස් ඇති බව වාර්තා වේ.
පිඟාඔයේ සහ අනෙකුත් ජලය බැස යන ජල මාර්ග අවහිර වන ලෙස ඉදි කර ඇති අනවසර ඉදිකිරීම් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවීමට හේතුවන බව මීට පෙරද වාර්තා විය.