COVID – 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීමට කැප වන සෞඛ්‍ය කාර්යය මණ්ඩල වල සියලු දෙනා හට මුළු මහත් ජාතියේම ගෞරවය හිමිවිය යුතුයි – සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි

0
33

සෞඛ්‍ය ඇමතිනි  පවිත්‍රා වන්නිආරච්චි  මහත්මය පවසා සිටියේ  කොරෝනා  වෛරසය රෝගීන් සදහා අයි.ඩි .එච් රෝහලේ යුහුසුළුව ගොඩනැගිල්ලක් ඉදි කළ  යුධ හමුදාපති තුමා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සියලු දෙනාහටත් ජාතියේ ගෞරව ලැබීය යුතු බව මෙහි අවධාරණය කර සිටියාය.

තවද ඒ මහත්මිය  සිසු සැරිය ගිලන්රථ සේවයේ නියුතු කාර්ය මණ්ඩලයට ප්‍රසංසා කර සිටියේය .

එමෙන්ම, ජනාධිපතිතුමාගේ තීරණයකට අනුව සමෘද්ධි ලාභී පවුල් විසි ලක්ෂයකට සමෘද්ධි ව්‍යාපාරය හරහා මාස හයක සහන කාලයක් යටතේ රුපියල් 10,000 ක් කිසිඳු පොළියක් නොමැතිව අවුරුදු එක හමාරකින් ගෙවිය හැකි වන සේ ණයක් ලෙස ලබා ගත හැකි බවත්,ජනතාවට එය ලබාගන්නා ලෙස ඒ මහත්මිය ප්‍රකාශ කර සිටියේය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here