ඉන්දීය රජය විසින් පරිත්‍යාග කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් රැගෙන ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන ගුවන් යානය අද දහවල් 11.35ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළගාවුණා.
මෙම එන්නත් තොගය ඇසුරුම් පෙට්ටි 42 ක බහා ඇති අතර , ඒවා භාර ගැනීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටුනායක ගුවන් තොටුපළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටි බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.
ඉන්දියාවෙන් ප්‍රදානයක් ලෙස කොවිෂීල්ඩ් කොරෝනා එන්නත් මාත්‍රා පන් ලක්ෂයක් ශ්‍රී ලංකාවට ලැබෙන අතර, එක් පුද්ගලයෙකුට මාත්‍රා දෙකක් ලබාදිය යුතු නිසා එමඟින් පුද්ගලයන් දෙලක්ෂ 50,000 ක් එන්නත් කළ හැකියි.