10 වන යොවුන් පුරය අද

0
23

1984 වසරේදී එවකට යෞවන කටයුතු හා රැකී රක්ෂා කටයුතු අමාත්‍ය වරයාව සිටි වත්මන් අගමැති ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ඇරඹි 10 වන යොවුන් පුරය හම්බන්තොට වීරවිල පශු සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයේදී අද (27) සිට ආරම්භ වෙයි.

මාර්තු 27 අද සිට 31 දක්වා පැවැත්වෙන මෙම යොවුන් පුරයට ලංකාවේ දස දෙසින්ම තරුණ තරුණියන් සහභාගී වෙයි

පළමු යොවුන් පුර වැඩසටහන 1984 දී පොලොන්නරුවෙන් පැවැත්විණි.

ඉන් පසුව කුලියාපිටිය,මාතලේ,අනුරාධපුරය,බණ්ඩාරවෙල,ගිරාදුරුකෝට්ටේ යන ප්‍රදේශ වලදී 1988 වසර දක්වා ක්‍රියාත්මක විය.

ඉන්පසුව විවිධ හේතූන් නිසා අකර්මන්‍ය වූ යොවුන්පුර වැඩසටහන නැවත 2016 වසරේදී මාතලේ සීගිරිය ප්‍රදේශයේදී ආරම්භ විය. 
ඒසදහා තරුණ තරුණයින් පන්දහසක් පමණ සහභාගිවුණි.

2017 වසරේදී හයදහසකගේ සහභාගිත්වයෙන් ත්‍රිකුණාමලයේදීද 2018 වසරේදී කුරුණෑගල නිකවැරටිය පශුසම්පත් සංවර්ධන මධ්‍යස්ථානයේදී තරුණ තරුණයින් හත්දහසකගේ සහභාගිත්වයෙන් සාර්ථකව නිමාවට පත්විය.

මෙම යොවුන් පුරවලින් ලද අත්දැකීම් හා පන්නරය මුල්කර ගනිමින් 2019 වසරේදී හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන වීරවිල පශු සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයේදි 10 වන යොවුන් පුරය පැවැත්වීමට සියල්ල සූදානම් කර ඇත.

මෙම යොවුන්පුරය සඳහා යෞවන සමාජ සාමාජික සාමාජිකාවන් 6900ක්ද විදේශ තරුණ තරුණියන් 100ක්දයෞවන තිළිණලාභීන් සහ අපේක්ෂකයින් 100ක්,බාලදක්ෂයින් 250ක්,බාලදක්ෂිකාවන් 100ක්,ශිෂ්‍යභට බලකාය 100ක්ද කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 100ක්, ශිෂ්‍ය පාර්ලිමේන්තු හා ශිෂ්‍යනායක 100ක්, වෘත්තීය පුහුණුලාභීන් 500ක්ද වශයෙන් 8300 ක පිරිසක් මෙම යොවුන්පුරට සහභාගිවීමට කටයුතු සැලසුම් කර ඇත.

දකුණු ආසියාවේ විශාලතම තරුණ ජාලය පිහිටා ඇත්තේ තරුණසේවා සභාව සතුවයි එහි එක් අංශක් ලෙස මෙම යොවුන් පුර වැඩසටහන පෙන්වා දිය හැක.

යොවුන් පුරය හරහා තරුණ තරුණියන්ට නායකත්වය පිළිබඳව අත්දැකීම් ලබා ගනිමින් තම පෞරුෂ වර්ධනය ක්‍රීඩා සංස්කෘතික හා කලා අධ්‍යාපනික ව්‍යවසායකත්ව හා රැකියා අවස්ථා ලබාදීම සඳහා වූවැඩසටහන් රාශියක් නිර්මාණය කොට ඇත.

  • අධ්‍යාපනික හා තාක්ෂණික වැඩ සටහන්
  • තොරතුරු තාක්ෂණය
  • නායකත්ව පුහුණු හා පෞරුෂත්ව සංවර්ධනය
  • ක්‍රීඩා වැඩසටහන්
  • සංස්කෘතික තරග
  • යොවුන්පුර කුමරා සහ කුමරිය තේරීම
  • සංගීත රසවින්දනාත්මක වැඩසටහන්
  •  ශ්‍රමදාන හා ගවේෂණාත්මක සහ පැළ සිටුවීමේ වැඩ සටහන්
  • ව්‍යවසායකත්ව හා මාර්ගෝපදේශන හා උපදේශන වැඩ සටහන්
  • මාධ්‍ය වැඩසටහන් හා මාධ්‍ය ප්‍රදර්ශන කලාපය

                                                               යන වැඩ සටහන් ක්‍රියාත්මක කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here