අන්තර් ක්රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ අඛණ්ඩව 05 වන වරටත් ශූරතාව දිනා ගැනීමට මහනුවර ක්රීඩා සමාජ කණ්ඩායම සමත්විය.
අනුශූරතාව හිමිවූයේ හැව්ලොක්ස් ක්රීඩා සමාජයට හිමි විය.
කොළඹ හැව්ලොක්ස් ක්රීඩා පිටියේ පැවති තරගයේ මුල සිටම ආක්රමණශීලී තරග රටාවක නිරත වූ මහනුවර ක්රීඩකයින් පළමු අර්ධය නිමාවන විට ලකුණු 18 ක් ලබා ගන්නට විය.
හැව්ලොක්ස් ක්රීඩකයින්ට එහිදී කිසිදු ලකුණක් ලබා ගැනීමට හැකිවූයේ නැත.
දෙවන අර්ධයේදී ඔවුන් තරගයට පිවිසීමට දැඩි උත්සාහයක නිරත වු ආකරය දැකගත හැකිවිය.
කෙසේ වෙතත් තරගය නිමාවන විට මහනුවර ක්රීඩකයින් ගෝල දිනුමක් සමගින් ලකුණු 21 ක් ලබා ගැනීමට සමත්විය.
ඒ වන විට හැව්ලොක්ස් ක්රීඩකයින් ලබාගෙන සිටියේ ලකුණු 19 ක් පමණයි.