Business is booming.

ඊයේ ආසාධිතයන් 521න් 342ක් කොළඹ

0 20
ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාධිතයන් 521 දෙනා අතුරින් 342 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්යස්ථානය පවසයි.
ඒ අනුව ඔක්තෝබර් 04 වැනිදා සිට මේ දක්වා කොළඹින් හමුවී ඇති මුලු ආසාධිතයන් ගණන 10 දහස් 884 දක්වා ඉහළ යනු ඇත.
ග්රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් ආසාධිතයන් 82 ක්ද, වැලිකඩින් ආසාධිතයන් 73ක්ද දෙමටගොඩින් 59 ක්ද ඊයේ සටහන්වී තිබිණි..
ඊයේ දිනයේදී මහනුවරින් ආසාධිතයන් 91 ක්ද, කලුතරින් 44 ක්ද, අම්පාරෙන් 17 ක්ද, ගම්පහින් 11 ක්ද ලෙස ආසාධිතයන් හමුවූ බවද කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්යස්ථානය නිවේදනය කරයි.
කෙසේ වෙතත්, මේවනවිට කොවිඩ් ආසාදිත පුද්ගලයින් 7000කට ආසන්න පිරිසක් රෝහල් සහ ප්‍රතිකාර මධ්යස්ථානවල සිටින බව වාර්තා වේ.
Comments
Loading...