Business is booming.

හිටපු ඇමති ජෝන්ස්ටන්ට එරෙහි නඩුවක තීන්දුව 29 වනදා 

0 127

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවලට අදාළ තීන්දුව මේ මස 29 වනදා ප්‍රකාශ කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නිවේදනය කළා.

ඒ, මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශය ඉදිරිපත් නොකළ බවට චෝදනා කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

නඩුව කැඳවූ අවස්ථාවේදී පාර්ශව කරුවන් විසින් ඊට අදාළ ලිඛිත දේශන අධිකරණ වෙත භාර දුන්නා.

කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නේ එම නඩුවලට අදාළ තීන්දුව මේ මස 29 ප්‍රකාශ කරන බවයි.

 

Comments
Loading...