ඉතාම සංවේදී පරිසර පද්ධතියක් ඇති හන්තාන සංරක්ෂණ කලාපයේ ඇති අක්කර 06ක ප්‍රමාණය නිවාස සංවර්ධන අධිකාරෙියේ මෙහෙයවීම මත පුද්ගලික ආයතනයකට විකිනීමට කටයුතු කරයි.
මෙලෙස විකිනීම් සිදුකර ඇත්තේ අධික මිලට අලෙව් කරන නිවාස ව්‍යාපෘතියක් වෙනුවෙන් බව වාර්තා වේ.
ඒ පිළිබඳ ප්‍රදේශවාසීන් හා පරිසර සංවිධාන පූර්ණ විරෝධය ඵල කරයි.
හන්තාන සුරැකීමේ සංවිධානය හා ප්‍රදේශවාසීන් මේ පරිසර විනාශය නැවැත්වීම වෙනුවෙන් කටයුතු කරන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීම් කරන අතර නුවර අලංකාරය හා මහනුවර පාරිසරික හානිය වෙනුවෙන් ඔවුන් නැගී සිටීමට පසුබට නොවන බවද ප්‍රකාශ කරයි.