සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ.
මුලින් ඇයගේ ස්වාමිපුරුෂයාට කොවිඩ් ආසාදනය වී තිබුණු බවත් පසුව කොළඹ ජාතික රෝහලේ දී සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකදී ඇයත් කොවිඩ් ආසාදිත යැයි තහවුරු වූ බවත් එම ආරංචි මාර්ග සඳහන් කළා.
මේ වනවිට ඇය පී.සී.ආර් පරීක්ෂණයකට මුහුණදී ඇති අතර, එහි ප්‍රතිඵලය ලැබෙනතුරු නිවසේ නිරෝධායනය වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය හෝ අමාත්‍යවරිය කිසිදු නිළ නිවේදනයක් මේ දක්වා නිකුත් කර නැහැ.
මූලාශ්‍රය – මව්රට නිව්ස්