Business is booming.

‘සේනා ‘ නාඋලත් අල්ලයි

ඉන්දික අරුණ කුමාර - නාඋල

0 333

සේනා දළඹු විශේෂය නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ ද ආක්‍රමණය කර ඇතැයි ගොවිහු පවසනවා.

විශේෂයෙන් නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වගා කර ඇති ස්වයංජාත වී විශේෂයට මෙම දළඹුවාගේ වැඩි බලපෑම් එල්ල වී ඇති බව ගොවිහු කියා සිටියා.

නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ උස්වැත්තෑව, නිකුල හා බිබිල ග්‍රාම නිලධාරි වසම්වලට ද සේනා දළඹු විශේෂය පැතිර ඇති බව මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී අළුගොල්ල ගොවි ජනසේවා මධ්‍යස්ථානයේ ප්‍රකාශිකාවක් කියා සිටියා.

නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පැතිර යන සේනා දළඹු වසංගතය සම්බන්ධයෙන් ගොවින් රැසක් කියා සිටියේ කරවිල, දඹල, බෝංචි මෙන්ම පිපිඤ්ඤා වැනි වගාවන්ට ද හානි සිදුවෙමින් පවතින බවයි. 

කෙසේ වෙතත් සේනා දළඹු විශේෂය මර්ධනය සම්බන්ධයෙන් විවිධ ක්‍රමෝපායන් හඳුන්වා දෙමින් ගොවින් දැන්වත් කිරිමේ කටයුතු ගොවි ජනසේවා නිලධාරි මාර්ගයෙන් මේ වන විට ආරම්භ කර ඇති බව ද අළුගොල්ල ගොවි ජනසේවා මධ්‍යස්ථානය වැඩිදුරටත් කියා සිටියා.

 

Comments
Loading...