Business is booming.

“සේනා” අල්ලන්න උගුලක්

0 227

කෘෂිකර්ම අමාත්‍යංශය විසින් සේනා දලඹුවා මර්ධනය සඳහා “ පෙරමෝන් උගුල ” හදුන්වා දීමට පියවර ගෙන ඇත.

මෙම දළඹුවා මර්ධනය සඳහා ග්‍රීසිය , අප්‍රීකානු රටවල් සහ අමෙරිකා එක්සත් ජනපදය විසින් දැනට මෙම ක්‍රමය භාවිත කරන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම උගුලේ අභ්‍යන්තරයේ රදවන පෙරමෝන් රසායනිකය වෙත සේනා දළඹුවාගේ පරිනත අවස්ථාව වන සලබයින්ගේ පිරිමි සතුන් ආකර්ශනය වෙයි.

එහිදී එම උගුලෙහි රඳවා ඇති ජලයට වැටීමෙන් එම සත්ත්වයා විනාශයට පත් වන බව සඳහන් වෙයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් කියා සිටියේ වගා අක්කරයක බිම් ප්‍රමාණයකට මෙවැනි උගුල් 4 ක් හෝ 5 ක් ප්‍රමාණවත් වන බවයි.

මීට අමතරව පෙරමෝන් රසායනිකය සති දෙකකට වරක් අලුතින් යෙදිය යුතු අතර සලබයින් මර්ධනය කිරීම මගින් “ සේනා ” දලඹුවාගේ ව්‍යාප්තිය

පාලනය කිරීමට හැකියාව ලැබෙන බවට තොරතුරු ලැබී ඇත.

කෘෂිකර්ම නිලධාරින් සඳහන් කළේ පෙරමෝන් උගුල භාවිතයෙන් දැනට සිදු කර ඇති කේෂත්‍ර පරීක්ෂණයන් මේ වන විට සාර්ථක වී ඇති බවයි.

[embeddoc url=”http://www.ratawatanews.lk/wp-content/uploads/2019/01/sena.pdf” download=”none”]

 

Comments
Loading...