Business is booming.

සුළගේ වේගය වැඩිවන ලකුණු

0 173

දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය ඉදිරි දින වලදී වැඩි වන තත්වයක් පෙන්නුම් කරන බව කාලගුණ දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කරයි. 

මෙම තත්වය හෙට රාත්‍රියේ සිට ඇතිවිය හැකි බව ප්‍රකාශ කරන අතර හම්බන්තොට සිට මඩකළපුව හරහා ත්‍රීකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයන්හි වැසි හො ගිගුරුම් සහිත වැසි තත්වයක් ඇති විය හැකිය.

එමෙන්ම කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් වන විට හෝ රාත්‍රිය වන විට ගිගුරුම් සහිත හෝ කඩින් කඩ වැසි ඇතිවිය හැකිය. 

ඉහත සඳහන් මුහුදු ප්‍රදේශයන් වල සුළගේ වේගය විටින් විට පැ.කී. 50 දක්වා වැඩි විය හැකි අතර මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බැවින් ධීවර හා නාවුක ප්‍රජාව  මේ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

Comments
Loading...