ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබේ.
ලොව පුරා කාන්තාවන්ගේ අයිතීන් සම්බන්ධව කතා කෙරෙන සුරැකීම් වෙනුවෙන් නැගී සිටින කථිකාවත් ගොඩනැගෙන දිනයක් ලෙස අද දින හැඳින්විය හැකිය.
2019 වසරේ ලෝක කාන්තා දිනය කාන්තාවගේ ඉදිරි උන්නතිය සඳහා සමතුලිත අවස්ථා උදා කිරීම විෂය කොටගත් “සුහුරු කතක්- සොඳුරු ලොවක්” තේමාව යටතේ සැමරුම් උත්සවයක් පවැත්වෙන බව කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාපීය සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ප්‍රකාශ කරයි.
ජාතික කාන්තා දින සැමරුම අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වේ.
මේ සඳහා කාන්තාවන් 8000ක් පමණ සහභාගී වීමට නියමිතයි.