Business is booming.

සීමාවාසික පුහුණුව නිම කළ වෛද්‍යවරුන් 800කට පශ්චාත් සීමාවාසික පත්වීම් ලිපි කඩිනමින් දෙන්නැයි සුව ඇමැති නියෝග

0 142

සීමාවාසික පුහුණුව දැනට අවසන් කර සහන නේවාසික වෛද්‍යවරුන් ලෙස සේවයේ නියුතු 800 කට අධික වෛද්‍යවරුන්වරුන් පිරිසකට වහාම පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලිපි ලබාදීමට සෞඛ්‍ය,  පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද  (26) තීරණය කර තිබෙනවා.

මෙම වෛද්‍ය නිලධාරීන් විශාල පිරිසක් කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසලට පැමිණ තමන් බදවා ගන්නා ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක නිරතවීමට උත්සාහ කළ අවස්ථාවේ දී එම පිරිසෙන් 08 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හමු වී විශේෂ සාකච්ඡාවක් පවත්වන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.

දැනට සීමාවාසික වෛද්‍යවරුන් ලෙස බදවා ගැනිම් නතර කර ඇති බැවින් මෙම වෛද්‍යවරුන්ට තම නියමිත පුහුණු කාලය අවසන් වුවද තවදුරටත් සීමාවාසික වෛද්‍යවරුන් ලෙස කටයුතු කිරිමට සිදුව තිබෙනවා.  එම ගැටලුවට මුහුණපෑමට සිදුව ඇත්තේ පසුගිය වසරේ මැද භාගයේ සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන්ට පමණි. 

තමන් තවදුරටත් සිමාවාසික වෛද්‍යවරුන් ලෙස සැළකීම අසාධාරණ බවත්, පශ්චාත් සීමාවාසික පත්වීම් ලිපි මෙතෙක් නොලැබීම පිළිබදවත්, පශ්චාත් සීමාවාසික වැටුප් හෝ අතිකාල දීමනා නොලැබිම පිළිබදවත් යන කරුණු ඇතුලු තවත් ගැටලු කිහිපයක් ඔවුන් පෙන්වා දී තිබෙනවා.

එම ඉල්ලීම් පිළිබදව අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙම ගැටලුව තුල මෙම වෛද්‍යවරුන් අපහසුතාවයට පත්වීම අසාධාරණ බව කියා සිටියා. 

 කඩිනමින් එම වෛද්‍යවරුන්ට පශ්චාත් සීමාවාසික පත්වීම් ලිපි ලබාදෙන ලෙසත්, පශ්චාත් සීමාවාසික වැටුප් දීමනා සහ අතිකාල දීමනා ලබාදෙන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා මහත්මියට උපදෙස් දුන් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. 

අතිකාල දිමනා සඳහා ඇති පැය 04 ක සීමාව අවශ්‍යතාවය මත මෙම වෛද්‍යවරුන් සහ ඔවුන් සමග පොදු කාලසටහන්වලට යොමු වන වෛද්‍යවරුන් සදහා බලනොපවත්වන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා තිබෙනවා.

Comments
Loading...