Business is booming.

සීගිරියේ නැරඹූම් වෙලාවන් වෙනස් කෙරේ

0 141

සීගිරිය නැරඹුම් වේලාවන් වෙනස් කර තිබේ.

අද (15) සිට උදෑසන 6.30 සිට සිට සීගිරිය නැරඹීමට දෙශීය විදේශීය සංචාරකයන්ට අවස්ථාව හිමි වන බව මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රකාශ කරයි. 

ඒ අනුව දැනට උදෑසන 08.00 සිට සීගිරිය නැරඹීම සඳහා සංචාරකයින්ට අවස්ථාව හිමිවන අතර නව සංශෝධනයන් අනුව උදෑසන 06.30 සිට සීගිරිය නැරඹීමට අවස්ථාව හිමිවන බව මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සීගිරි ව්‍යාපෘති කලමනාකරු විශ්‍රාමික මේජර් අනුර නිශාන්ත මහතා කියා සිටියේ, මීට පෙර නැරඹුම් වේලාවල උදෑසන 7ට ආරම්භ වු බවයි. 

සංචාරකයන්ගේ පැමිණිම උදෑසන කාලයේ වැඩි වශයෙන් සිදුවන බවත් එහිදී සිදුවන තදබදයට විසඳුමක් ලෙස මෙම තීරණය ගත් බවත් ඒ මහතා පැවසීය.

 

Comments
Loading...