සිරකරුවන් 762 පොදු සමාව යටතේ නිදහස් කෙරේ

0
6

වෙසක් උත්සවය නිමිති කරගෙන මෙවරත් සිරකරුවන් රාශීයක් වෙනුවෙන් පොදු සමාව යටතේ නිදහස ලබා දීමට කටයුතු සූදානම් කර ඇත.

මෙවර පොදු සමාව යටතේ මෙතෙක් නිදහස් කරනු ලබන වැඩිම සිරකරුවන් මෙවර වෙසක් උළෙල වෙනුවෙන් නිදහස් කරනු ලබයි.

මෙම සිරකරුවන් 762 නිදහස් කිරීම පොදු සමාව යටතේ වෙසක් පෝදා(18) වැලිකඩ බන්ධනාගාරයේදී ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවේ.

සුළු වැරදිවලට සිරගත වූ,දඩමුදල් ගෙවා ගත නොහැකි,වයස අවුරුදු 70 ඉක්මවූ සිරකරුවන් මෙසේ නිදහස ලැබීමට සුදුසුකම් ලබයි.

මෙහිදී බරපතල චෝදනා සහිතව සිරගතවූවන්ට ජනාධිපති පොදු සමාව හිමි නොවේ. 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here