සිදු වූ පිපිරීම් සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙනෙකු අද අත්අඩංගුවට

0
51

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ පිපිරීම් සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙනෙකු අද(22) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු පොලිස් කණ්ඩායම් කළ මෙහෙයුම්වලින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ, කඳාන ප්‍රදේශයේදී සන්නිවේදන උපකරණ තොගයක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි.

ගම්පොළ සහ කටුගස්තොට ප්‍රදේශවලින් ද සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය තවදුරටත් සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here