රත්මලාන ප්‍රදේශයේ පිහිටි බැංකු ශාඛාවක ඒ.ටී.එම් යන්ත්‍රයක් මඟින් මුදල් සොයාගත් සැකකරුවෙකු සොයාදෙන මෙන් මහජනතාවගෙන් පොලීසිය ඉල්ලා සිටී.
විද්‍යුත් උපකරණයක් සවිකොට ඒ.ටී.එම්. කාඩ්පත්වල රහස්‍ය දත්ත සොරාගෙන ව්‍යාජ කාඩ්පත් සකසා මෙම අපරාධය සිදු කර ඇති බව පොලීසිය වාර්තා කරයි.
මොහු විදේශ රටවලදී අනවසර ගනුදෙණු සඳහා මෙම කාඩ්පත් යොදාගෙන ඇති බවට වාර්තා වේ.
මෙහි සිටින සැකකරු පිළිබඳ තොරතුරක් ඇත්නම් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන මෙන් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව – 011-2422176
011-2326670