මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවන අදියරේ කටයුතු ලබන 08 වනදා සිට 17 වනදා දක්වා කාලය තුළ සිදුකිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
මධ්‍යස්ථාන 29 ක් මේ සඳහා යොදාගන්නා අතර පාසල් 06 ක් අදාළ කාලය තුළ සම්පූර්ණයෙන් වසා දැමෙන බවත්, සෙසු පාසල් 23 වසා දැමීමකින් තොරව සිදු කෙරෙන බවත් එම දෙපාර්තමේන්තුව පවසනවා.
සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර පසුගිය 23 වනදා සිට 31 වන දා දක්වා සිදුකරනු ලැබුවා.