සාමයේ දශවර්ෂාභිශේක පා ගමන

0
45

දස අවුරුදු යුද්ධයක් නිම කිරීමෙන් පසු රණවිරුවන් සැමරීමේ පා ගමන මහනුවර දී පැවැත්විය. 

ආරක්ෂක සේනා ආඥාපති (මධ්‍යම) මේජර් ජෙනරල් ලක්සිරි වඩුගේ  මහතාගේ උපදේශකත්වයෙන් පවත්නා 11 වන හා 12 වන සේනාංකයන් දෙකේ සේනාංකාධිපතිවරුන් දෙදෙනාගේ මගපෙන්වීම යටතේ 11 සේනාංකය විසින් මෙම උත්සවය මධ්‍යම පළාතේ සිදු කරන්නට යෙදුනි. 

මේ සඳහා භටපිරිස් 1000ට අධික ප්‍රමාණයක් සහභාගි වී සිටි අතර මෙම උත්සවය මහනුවර නගරය කේන්ද්‍රකරගනිමින් ගැටඹේ සිට මහනුවර යුධ හමුදා කඳවුර දක්වා පා ගමනින් පැමිණෙමින් සිදු කරන්නට යෙදුණි.

මෙම උත්සවය සාර්ථක කර ගැනීම උදෙසා මහනුවර පොලීසිය මඟින් විශාල  මෙහෙයක් ලැබූ අයුරු දැකගැනීමට හැකිවිය. 

ඡායාරූප – හේරත් ඒකනායක 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here