සරසව් අද (21) හා හෙට (22) ඇරඹේ

0
16

රටේ ඇති වූ ආරක්ෂක තත්වය හේතුවෙන් දිවයින පුරා අධ්‍යාපන ආයතන වසා දැමීමට රජය පියවර ගනු ලැබීය.

මේ වන විට පාසල් අධ්‍යාපන කටයුතු ආරම්භ කර ඇති අතර වසා දැමුණු විශ්ව විද්‍යාල රැසක අධ්‍යයන කටයුතු අද (21) හා හෙට (22) සිට ආරම්භ වීමට නියමිතයි.

සබරගමුව, ඌව වෙල්ලස්ස, පේරාදෙණිය, කොළඹ, රජරට, සෞන්දර්ය කලා ඇතුළු විශ්වවිද්‍යාල රැසක අධ්‍යයන කටයුතු මේ අනුව හෙට (22) ආරම්භ කෙරේ.

මේ සම්බන්ධ අදහස් දක්වමින් උපකුලපතිවරුන් දන්වා සිටින්නේ සිසුන් තමන්ගේ අනන්‍යතාව සහතික කිරීම සඳහා විශ්වවිද්‍යාල හැදුනුම්පත හා ශිෂ්‍ය වාර්තා පොත රැගෙන විශ්වවිද්‍යාලයට පැමිණිය යුතු බවයි. සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙන බැවින් ඒ සඳහා සියලු සිසුන් තම සහාය පළ කළ යුතු බවත්, මුහුණු වැසෙන ඇඳුම්වලින් විශ්වවිද්‍යාල භූමියට නොපැමිණිය යුතු බවත්ය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here