එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරියේ දී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් අද (14) පස්වරුවේ දී තීරණයකට එළඹීමට හැකි වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.
ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් ඊයේ (13) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව හෙතෙම ඒ බව සදහන් කළා.
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්රීවරු මෙම සාකච්ඡාවට එක්ව සිටියා.
හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සමග යළි ආණ්ඩුවක් පිහිටුවීමට කිසිසේත් තමා සූදානම් නොමැති බවයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මෙහිදී සඳහන් කර ඇත්තේ.
Comments