Business is booming.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැංවීමට IMF පූර්ණ සහය

පෙබරවාරියේදී IMF නියෝජිත කණ්ඩායමක් දිවයිනට

0 264

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවාලීමට සහය දීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටීන් ලැගාඩ් පවසනවා. 

ඇය මේ බව පවසා ඇත්තේ අමෙරිකාවේ වොෂිංටන් අගනුවර දී ශ්‍රී ලංකා රජයේ නියෝජිත පිරිසක් හමුවූ අවස්ථාවේදීයි. 

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, අමාත්‍ය හර්ෂ ද සිල්වා, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරු ඇතුළු නියෝජිත පිරිසක් චාරිකාවට එක්ව සිටිනවා. 

අමාත්‍ය මංගල සමරවීර මහතා  ශ්‍රී ලංකා ආර්ථිකයට අදාළව මෑත කාලීන වර්ධනයක් පිළිබඳව මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්වයට කරුණු පැහැදිලි කර තිබෙනවා..

පසුගිය වසරේ ඔක්තෝබර් 26 වැනිදායින් පසු ඇතිවූ බාධාවලින් අනතුරුව, ආර්ථිකයට ස්ථාවරත්වයක් ලබාදීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහන් යළි ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳව ශ්‍රී ලංකා නියෝජිත පිරිස සාකච්ජා කර තිබෙනවා. 

ආර්ථික ප්‍රතිසංස්කරණතාවය කෙරෙහි ශ්‍රී ලංකාව පෙනී සිටින බව නියෝජිත පිරිස අවධාරණය කර ඇති බවයි වාර්තා වන්නේ. 

එසේම ලබන පෙබරවාරි මාසයේ දී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් දිවයිනට පැමිණීමට ද නියමිතයි.

Comments
Loading...