පස්යාල වීරසූරිය කන්ද ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ලියාපදිංචි නොකළ ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථානයක් තුළ ආයුර්වේද වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි පුද්ගලයකු සන්තකයේ තිබූ විවිධ වර්ගයේ මත්පෙති සහ කරල් ලක්ෂයකට අධික ප්‍රමාණයක් සමගින් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
වීරගුල පොලිසියට ලද තොරතුරකට අනුව ඊයේ (15) මෙම වැටලීම සිදු කර තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන අත්තේ වයස අවුරුදු 59ක්පමණ වූ කාරියවසම් අතුකෝරළගේ දොන් පීටර් හයිසින්ත් නමැති පහළවෙල පමුණුවවත්ත මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද (16) ඉදිරිපත් කිරීමට නියමිතයි. වීරගුල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
[embeddoc url=”http://www.ratawatanews.lk/wp-content/uploads/2019/01/Media-on-2019.01.16-at-1115.pdf” download=”none”]