විල්පත්තු වන විනාශය නවතා නොදැමුවොත් දැඩි පියවර

0
16

විල්පත්තු වන විනාශය නවතා නොදැමුවහොත් ඊට සම්බන්ධ දේශපාලනඥයින්ට එරෙහිව ඉදිරි මැතිවරණයකදී ලක්ෂ 10 ක ජන බලයක් ගොඩනංවන බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය ප්‍රකාශ කරයි.

එහි සභාපති පුජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් කියා සිටියේ අදාළ වන විනාශය සම්බන්ධයෙන් වගකිවයුතු සියලු පාර්ශව මේ වන විට  දැනුවත් කර ඇති බවයි.

එහෙත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් බළධාරීන් කිසිදු පියවරක් ගැනීමට අපොහොසත්ව ඇති බවද පාහිංගල ආනන්ද සාගර හිමියන් ප්‍රකාශ කළා.

2012 වසරේ සිට මෙම වන විනාශය සිදුවන බව පාහියංගල පෙන්වා දෙන එම හිමියන් අදාළ ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත කර්මාන්ත පුරයට අවශ්‍ය ඉඩම් නිදහස් කිරීම සිදුකරන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සභාපතීත්වයෙන් යුතු කමිටුවක් හරහා බවද උන්වහන්සේ ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වූ 2009 වසරේ සිට මෙම වසරේ මාර්තු මාසය දක්වා වූ කාලයේ දී යුද හමුදාවෙන් අත්පත් කරගෙන තිබූ උතුරු නැගෙනහිර ඉඩම් අක්කර 71172ක් සාමාන්‍ය ජනයා වෙත මුදා හැර ඇතැයි යුද හමුදාව ප්‍රකාශ කරයි.

මෙයින් වැඩිම ඉඩම් ප්‍රමාණයක් මුදා හැර ඇත්තේ 2015 වසරේදී ය. එම ප්‍රමාණය අක්කර 25951කි.

යුද හමුදාවේ තොරතුරු නිලධාරී ඒ එම් එස් බී අතපත්තු මහතා මේ බව සඳහන් කරනුයේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කරන ලද තොරතුරු ඉල්ලීමකට අදාළව තොරතුරු සපයමිනි.

යුද්ධය අවසන් වූ 2009 වසරේ දී යුද හමුදාවෙන් මුදා හැර ඇති උතුරු නැගෙනහිර ඉඩම් ප්‍රමාණය අක්කර 745.54කි. 2010 වසරේ සිට 2015 දක්වා පැවැති ආණ්ඩු සමයේ යුද හමුදාවෙන් සාමාන්‍ය ජනයා වෙත මුදා හරින ලද උතුරු නැගෙනහිර ඉඩම් ප්‍රමාණය අක්කර 27854.55කි. 2015 වසරේ සිට පවතින වර්ත මාන ආණ්ඩුව කාලයේ දී යුද හමුදාව භාරයේ තිබී මුදා හැර ඇති උතුරු නැගෙනහිර ඉඩම් ප්‍රමාණය අක්කර 42578.65කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here