මාතලේ දිස්ත්රික්කය පුරා පැතිර ඇති දැඩි වියලි කාලගුණ තත්වය හමුවේ පළාත් රැසක ගම්මිරිස් වගාවන් විනාශවීමේ අවදානමකට ලක්ව ඇතැයි ගොවීහු සදහන් කරයි .
මාතලේ, රත්තොට, යටවත්ත, මඩවල , නාවුල මෙන්ම ලග්ගල රණමුරේ හා නාරංගමුව ආදී ප්රදේශවල පවතින ගම්මිරිස් වගාවන් වැඩි වශයෙන් විනාශ වීමේ අවදානමට ලක්ව තිබේ .
පසුගිය සමයේ පැවති යහපත් කාලගුණ තත්වය හමුවේ ප්රදේශ රැසක ගම්මිරිස් වගාවන් ඉතා සාර්ථකව පැවතියද වියලි කාලගුණය හමුවේ මෙවර හොද අස්වැන්නක් පිළිබද බලාපොරොත්තු නැතැයි ගොවීහු ප්රකාශ කර සිටී .