විදුලිය පිරිමසින්න යෝජනා ඉදිරිපත් කරයි .

0
14

රටේ මේ වන විට පවතින විදුලි අර්බුදය විසදීමට යෝජනා කිහිපයක් විදුලි බල අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කර ඇත.

ඒ වෙනුවෙන්  අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවට වාර්තා වේ .

ඉදිරිපත් කල යෝජනා යටතේ ඉදිරි මාස තුනක කාලය තුල සියලුම නිවෙස් වල විදුලි පහන් දෙකක් නිවා දැමීමට අදහස් ඉදිරිපත් කර ඇත .

එසේම රාජ්‍ය ආයතන ,වානිජ්‍ය ආයතන සහ ආගමික සිද්ධස්ථාන වල විදුලි පරිභෝජනය 10% ක ප්‍රමාණයකින් අඩු කිරිමටත් ,අනවශ්‍ය වීථි පහන් නිවා දැමීමටත් යෝජනා ඉදිරිපත් කර ඇත .

විදුලි කර්මාන්තය සම්බන්ධ  පොදු ප්‍රතිපත්ති ,මාර්ගෝපදේශ නිකුත් කිරීම සම්බන්ධයෙන්ද යෝජනා ඉදිරිපත් කල අතර 2019.03.27 වන දින රැස් වූ කැබිනට් මණ්ඩලයෙන් එම යෝජනා සදහාද අනුමැතිය  ඉදිරිපත්ව ඇත .

ඒ අනුව 2009 අංක 20 දරන විදුලිබල පනත යටතේ මාර්ගෝපදේශ අහෝසි කරමින් බලශක්ති ක්ෂේත්‍රයේ ඇති වන ගැටළු විසදීමට නව මාර්ගෝපදේශ ඉදිරිපත් කරනු ලැබේ .

බලශක්ති සංරක්ෂණය ,විදුලි උත්පාදනය ,සම්ප්‍රේෂණය සහ බෙදා හැරීමේ පද්ධති ,ඉන්ධන විවිධත්වය සහ සුරක්ෂිතතාවය ආදී ක්ෂේත්‍ර ඊට අයත් වේ .

ඊයේ දින රැස් වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේ විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගිතා  කොමිෂන් සභාව අතර පවතිනා ගැටලුකාරී වාතාවරණය මෙම විදුලි අර්බුදයට හේතු වී ඇති බවත් ,මේ නිසා රටේ මහජනතාව මහත් පීඩාවකට පත්ව ඇති බවයි .

එසේම පුත්තලම් ගල් අගුරු බලාගාරය සදහා ක්ෂණික ගල් අගුරු මිලදී ගැනීම යටතේ ගල් අගුරු මෙට්‍රික් ටොන් තිස් ලක්ෂයක් මෙරටට ගෙන්වීම පිළිබද වාර්තාවක්ද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත .

එමෙන්ම මෙම විදුලි කප්පාදුව තිබෙන අවස්ථාවල විථි ලාම්පු ක්‍රියාත්මක නොවන බවත් එම නිසා රථ වාහනේ අංශයේ නිලධාරීන්ව අමතර රාජකාරියේ යෙදවීමට සිදුව ඇති බවත් පොලිසිය ප්‍රකාශ කර සිටියේය .

කොළඹ කොටුව ඉදිරිපිටට රැස් වූ ලංකා විදුලි බල මණ්ඩල සේවක සංගමය මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ රජය විදුලි බල අර්බුදයක් ක්‍රියාත්මක කර ඇති බවත් ,විදුලි කප්පාදු කිරීමේ කිසිම අවශ්‍යතාවක් නොපවතින බවත්ය .

එසේම කොළඹ පැවති  උත්සවයකට එක වීමෙන් පසු මාධ්‍යවෙදින් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ වර්තමානයේ රට තුල පවතින විදුලි අර්බුදයට ප්‍රධාන හේතුව රජය තුල නිසි කළමනාකාරිත්වයක් නොපවතින බවයි .

තම රජය විසින් සැලසුම් කල විදුලි ව්‍යාපෘති ඉදි කිරීමට කටයුතු කර තිබුනේ නම් රට තුල මෙවන් විදුලි අර්බුදයක් සිදු නොවනු ඇති බව තව දුරටත් අදහස් දැක්වූ එතුමන් කියා සිටියේය .

දේශපාලන අධිකාරිය කෙසේ පැවසුවත් අවසානයේදී මින් පීඩාවට පත්ව ඇත්තේ රටේ අහිංසක මහජනතාවයි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here