පොලිසිය සඳහන් කළේ ඊයේ පෙරවරුවේ වැල්ලවාය රක්ෂිතයේ හට ගත් ගින්න යුධ හමුදාවේ මැදිහත් වීමෙන් පාලනය කර ඇති බවයි.
එම ගින්න රක්ෂිතය තුළ පැය ගණනාවක් ව්‍යාප්ත වී ඇති අතර එයින් අක්කර විස්සකට අධික භූම් ප්‍රදේශයක් විනාශ වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
අනතුරුව මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ දැනුම් දීමකට අනුව එකසිය විසි එක් වන බල සේනාංක මූලස්ථානයේ භට පිරිසක් විසින් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරනු ලැබිය.
කිසියම් පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් දර ලබා ගැනීමේ හෝ සතුන් දඩයම් කිරීමේ අරමුණින් රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි පොලිසිය සැක පල කරයි.
වැල්ලවාය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.
Comments