Business is booming.

වැල්ලවාය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබයි

ජයන්ත වීරසේකර - වැල්ලවාය

0 129

මොණරාගල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කණ්ඩියාගම ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පොලිස් නිලධාරිණියක් සහ තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

පොලිස් නිලධාරිනිය මොණරාගල පොලිස් මූලස්ථානයට අනියුක්තව සේවය කළ කාන්තාවකි.

යතුරුපැදියක් බස් රථයක පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇත.

තුවාලකරුවන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
 

Comments
Loading...