Business is booming.

වාහනයක යතුරු ප්‍රශ්නයකට දෙපිරිසක් කපා කොටාගෙන තිදෙනෙක් රෝහලේ

ඉන්දික අරුණ කුමාර - නාඋල

0 347

වාහනයක යතුරක් බලහත්කාරයෙන් ගලවා ගැනීමක් සම්බන්ධයෙන් ඇති වු බහින් බස් වීමක ප්‍රතිඑලයක් ලෙස  නාඋල – හබරගහමඩ ප්‍රදේශයේ තරුණ දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් පුද්ගලයින් තිදෙනෙකු ඊයේ (15)රෝහල් ගත කර ඇතැයි නාඋල පොලිසිය පවසනවා.

තුවාලකරුවන් නාලන්ද රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව බරපතල තත්ත්වයේ පසුවු පුද්ගලයෙකු මාතලේ මහ රෝහලට ඇතුළත් කෙරුණු බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.

මාතලේ රෝහල වෙත ඇතුළත් කළ එක් පුද්ගලයකුගේ උදරය හා බෙල්ල ප්‍රදේශයේ බරපතල කැපුම් තුවාල පවතින බවත් අනෙක් පුද්ගලයා සාමාන්‍ය තුවාල ලබා ඇති බවත් පොලිසිය පවසනවා.

සැකකරුවන් වයස අවුරුදු 18  – 20  -25 වයස්වල පසුවන්නන් බව පොලිසිය පවසනවා. 

අනෙත් තුවාලකරු නාලන්ද රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි පොලිසිය කියා සිටියේ.

රාත්‍රි 07 ට පමණ හබරගහමඩ ප්‍රදේශයේ දි ඇති වි ඇති ගැටුම සම්බන්ධයෙන් පොලිසියට ලැබුනු දුරකතන ඇමතුමක් ඔස්සේ පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

පාර්ශව දෙකක පුද්ගලයින් 06 දෙනෙකු ගැටුමට සම්බන්ධ වී ඇත බවත් රෝහල් ගතකර සිටින සැකකරුවන් තිදෙනාට අමතරව සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව නාඋල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුගත් බණ්ඩාර විජේසුන්දර මහතා කියා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නාඋල පොලිසිය විසින් සිදු කරනු ලබනවා. 
 

Comments
Loading...