වසර 18කට පසු ළමුන් පාසල් යයි

0
38

වසර 18 කට පෙර සිසුන් ප්‍රමාණයත් නොවීම නිසා කටුගස්තොට අධ්‍යාපන කලාපයට අයත් වටගොඩ කණිෂ්ඨ විද්‍යාලය වසා දැමීමට තීරණය විය.

එලෙස 2001 දී වසා දැමූ එම විද්‍යාලය මෙවර (14) දින  වටගොඩ ආදර්ශ ප්‍රාථමික විදුහල යන නමින් විවෘත කර ඇත.

කටුගස්තොට අධ්‍යාපන කලාපයට අයත්  විශාලතම පාසැල් ගොඩනැගිල්ලකට හිමිකම් කියන පාසලක් ලෙස මෙය හැඳින්විය හැකිය.

වසර ගණනක් පාසල වසා තැබූවද  වසර 18ක් පුරා මෙම පාසැල් ගොඩනැගිල්ල රැක ගැනීමට ප්‍රදේශයේ ජනතාව සමත් වූ අතර එනිසාම අද යළිත් ගමට පාසැලක් යන ඔවුන්ගේ සිහිනය සැබෑ කර ගන්නට සමත් වී ඇත.

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම විදුහල ආදර්ශ ප්‍රාථමික විදුහලක් වශයෙන විවෘත වූ අතර මුලින් සිසුන් අට දෙනෙකු පාසැලට ඇතුලත් වී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කර සිටියි.

මහා සංඝරත්නය, රාජ්‍ය නිළධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිට ඇති අතර පූජාපිටිය ප්‍රාථමික විදුහලේ සිසු සිසුවියන් නවක සිසුන් පිළිගැනීම සඳහා පැමිණ සිට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here