Business is booming.

වත්තල වෙඩි තැබීමේ සුලමුල හෙලිවේ

0 144

ඊයේ දින (01.13) වත්තල – හේකිත්ත ප්‍රදේශයේ සිදුවූ ද්ව්ත්ව ඝාතනය මෙහෙයවා ඇත්තේ බුම්බා නැමැති පාතාල කල්ලිය විසින් බව අනාවරණය වේ.‍

බුම්බා හා කුඩු සෙල්ලි යන පාතාල කල්ලිය අතර කාලයක සිට පැවති ආරවුලක් මෙම ඝාතනවලට හේතුව වී ඇති බව පොලීසිය පවසයි.

ඊයේ දින ජීවිතක්ෂයට පත් වූ අවුරුදු 31 හා 38 යන වයස්වල පසුවන කොටහේන, ජින්තුපිටියේ පදිංචි පුද්ගලයන් දෙදෙනා කුඩු සෙල්ලි නැමැති පාතාල කල්ලියේ ප්‍රබල සාමාජිකයන් බවද පරීක්ෂණ වලිනි හෙලිවී තිබෙනවා. 

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 2016 වසරේදි ඝාතනයට ලක්වු කුඩු සෙල්ලි නැමැති කාන්තාවගේ පුත්‍රයෙකු සහ ඔහුගේ මිතුරායි. 

අදාළ කාන්තාවට මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති අතර, ඇයගේ සැමියාද 2017 වසරේදී වෙඩි තැබීමකින් ඝාතනය කර තිබුණා. 

ඝාතනය සිදුකළ සැකකරුවන් මේ වනවිට හඳුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වත්තල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.  

Comments
Loading...