ඒ සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ දියණිය වන ඉවන්කා ට්‍රමිප් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු අමෙරිකානු තානාපතිනි නිකි හැලී ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලෝක බැංකු සභාපති ධූරය හෙබවූ ජිම් යොං කිම් පසු ගිය සඳුදා දිනයේ තමන් ධුරයෙන් ඉල්ලා අස් වන බව ප්‍රකාශ කර තිබේ.
ඒ හේතුවෙන් එම ධුරය සඳහා අමෙරිකාවේ අපේක්ෂකයන් ලෙස ඉවන්කා ට්‍රම්ප් හා නිකි හැලී ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු තානාපතිවරිය ලෙස කටයුතු කළ නිකී හැලී පසුගිය දෙසැම්බර් මාසයේ දී එම ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බවට තොරතුරු ලැබී ඇත.