Business is booming.

ලාදුරු නිට්ටාවටම සුව කළහැකිද ?

0 177

ලාදුරු යනු මුල් අවස්ථාවේම රෝගය හදුනාගෙන ප්‍රතිකාර කිරීම තුළින් ලාදුරු නිට්ටාවට සුව කළ හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා.

ගෙවුනු වසර 10ක සිට එක් අවුරුද්දකට රෝගීන් 2000කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රි ලංකාවෙන් හමුවන බවත් එයින් 40%ක් බස්නාහිර පළාතෙන් බව සඳහන් වේ. 

මේ අතර අවු15 ට අඩු ළමුන් 10%ක් ප්‍රමාණයක් ඇති බවද ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය චම්පා අලුත්වීර මහත්මිය පවසයි.

කොළඹ මහනගර සභා ශාලාවේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකදී ඒ මහත්මිය මේ බව සදහන් කළ අතර ප්‍රධානතම ගැටළුව මුල් කාලයේදීම රෝගි තත්වය හඳුනාගත නොහැකි වීම හා මුල් අවස්ථාවේ රෝගී තත්වය වෙනුවෙන් වෛද්‍ය ප්‍රතිකාර නොලැබීමත් බව තවදුරටත් ප්‍රකාශ කරයි.

Comments
Loading...