Business is booming.

ලස්සනට ඉන්න කැමති අය හැඩ කරන්න පුළුවන් වුණ එක ගැන සතුටුයි

මේනු සැලෝන් අධිපතිනී ඉසංකා ප්‍රියදර්ශනී

0 338

මේනු සැලුන් හි අධිපතිනිය, සුවහසක් කාන්තාවන්ගේ ආකර්ශණීය වීමේ රහස් කියා දෙමින් ළබැඳි සොයුරියක් වූ ඇය එස්.ඩී. ඉසංකා ප්‍රියදර්ශනී ප්‍රේමරත්න නම් විය. මේනු නමින් ඇයව හඳුන්වා දීමට තරම් සියල්ල අතර ජනප්‍රිය වූ ඇය නමින් හඳුන්වන කෙනෙකු නොමැති තරම්ය.  ශ්‍රී රාහුල විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු ඇය පෙබරවාරි මස 17 වන දින උපත ලැබූ ඇය අප සමඟ අදහස් හුවමාරු කරගන්නට විය.

ඔබ ඔබව හඳුන්වා දෙන්නේ කෙසේද ? 
මම ගෘහනියක්, ආදරණීය මවක් මෙන්ම ආදරණීය බිරිඳක් විදිහට මාව දකිනවානම් කැමති. හේතුව මොන තරම් කාර්යබහුල උනත් මගේ ප්‍රථම රාජකාරීය ආදරණීයයන් නිසා.

රූපලාවන්‍ය ක්‍ෂේත්‍රයට පැමිණීම සිදු උනේ කෙසේද ? 
පාසලෙන් අස්වීමත් සමඟ අහම්බයක් ලෙස තමයි මං මේකට සම්බන්ධ උනේ. දිවානි ඇත්තිගොඩ ගුරුමෑනියන් තමයි මගේ මුල් ගුරුතුමිය. ඉන්පසුව ශ්‍යාමලී වීරකෝන් මහත්මියගෙන් අධ්‍යාපනය හැදෑරුවා 

පෞද්ගලික ජීවිතය ගැන සඳහන් කළොත් , 
මගේ ජීවිතේ ආලෝකය මගෙ අම්මා. ඊට අමතරව මං ආදරණීය මවක්. දියණියක් සහ පුතනුවන් දෙදෙනෙක් ඉන්නවා. මගේ සැමියා වෘත්තීයෙන් රූපලාවන්‍ය ශිල්පියෙක්, මෙන්ම කොණ්ඩා සැකසුම් ශිල්පියෙක් ඔහුත් මගේ ක්‍ෂේත්‍රයේම නිසා මට තවත් සහනයක්. ඔහු නිසා තමා මෙතෙක් ගමන පැහැදිලි මෙන්ම ජය මාවතක් බවට පත් වුනේ. ඒ ගැන මතක් කරන්නෙ මං බොහෝම ආඩම්බරයෙන්. මගේ පවුල අති සාර්ථකයි. ඒ ජයග්‍රහනය තමා මගේ ජීවිතේ මං ලබන ලොකුම සතුට. 

මේ පැමිණි මග ගැන කියනවනම්..
ගොඩක් දුක් වින්දා. සමහර තැන්වලදි මේ ක්‍ෂේත්‍රය ගැන දුක හිතුනා. නිසි තැන නිසි අයට ලැබෙන්නේ නෑ කියලත් හිතුනා. ඒත් මගේ 
පාරිභෝගිකයො මං ගාව රැදුනා. එදා වගේම අදත්… ඒ වගේම හෙටත් මාත් එක්ක ඉදී කියලත් මං බලාපොරොත්තු වෙනවා. 

අනාගත බලාපොරොත්තු
ගොඩාක් දේවල්නම් නැහැ. බබාලා හොදින් හදාගෙන වැඩකටයුතු දියුණු කරගෙන කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්න තිබුනා නම් ඇති.

අවසාන වශයෙන් කියන්න දෙයක් තියෙනවද ?
එහෙම දෙයක්නම් නැහැ. හැමෝම ලස්සනට ඉන්න කැමති. එහෙම අයව ලස්සන කරන්න පුළුවන් උනු එක ගැන සතුටුයි. රූපලාවන්‍ය ශිල්පිනියක් කියන්නෙත් කලාකාරිනියක් කියලා තමයි මං හිතන්නෙ. හැමෝම සතුටු කරන්න පුලුවන් රැකියාවක්. තෘප්තියක් ලබන්න පුලුවන් දෙයක්. සල්ලි වලට නැතිව හරි දේ හරි විදිහට කරනවනම් කවදාවත්ම වරදින එකක් නෑ කියලා කියන්න පුළුවන්

Comments
Loading...