රෙජිනෝල්ඩ්ට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය – නිලුකාට දැව සංස්ථාව
ඌවට දිවුරුම් දුන් කීර්ති යළි දකුණට දිවුරුම් දෙයි - ඌවට මාර්ෂල් පෙරේරා
හිටපු උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.
මේ අතර සබරගමුව පළාතේ හිටපු ආණ්ඩුකාරවරිය වන නිලුකා ඒකනායක මහත්මිය රාජ්ය දැව සංස්ථාවේ සභාපතිවරිය ලෙස පත් කර තිබෙනවා.
මේ අතර පසුගියදා ඌව පළාත් ආණ්ඩුකාර ධුරයේ දිවුරුම් දුන් කීර්ති තෙන්නකෝන් මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙසට දිවුරුම් දී තිබෙනවා.
ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙසට මාර්ෂල් පෙරේරා මහතා දිවුරුම්දී තිබෙනවා.